සමාජ හා සමාජ සුභසාධන අමාත්‍යාංශයේ වෙබ් පිටුව අන්තර්ජාලගත වීම පෙබරවාරී 08 වන දින සිදුවේ.

 

 



ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ප්‍රජා මූලික පුනරුත්ථාපන

අරමුණ :


              ආබාධ සහිත සියලු පුද්ගලයන් විසින් ඔවුන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳීමට හා වගකීම් ඉටු කිරීමට හැකිවීම පිණීස පුනරුත්ථාපනය කිරිමල ඔවුන්ට සම අවස්ථා සලසා දීම සඳහා ඔවුන් සමාජයට ඒකීකරණය පිණිස, දැනට තිබෙන්නාවු සමාජ සංවර්ධන වැඩසටහන් තුළ අවස්ථා ඇති කිරීම මෙහි අරමුණයි.    


                                                                        Top
ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය

අරමුණ :
මෙහෙවරමාර්ගෝපදේශකත්වය, සම්බන්ධීකරණය, සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමහා මෙහෙයවීම තුළින් ආබ‍ාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම,.වැඩි දියුණු කිරීම හ‍ා සුරක්ෂිතභාවය සහතික කිරීම.


අරමුණු : ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය, වැඩි දියුණු කිරීම සහ සුරක්ෂිත කිරීම උදෙසා 1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත යට‍ෙත් පනවන ලද නිතී ක්‍රියාත්මක කිරීම.


                                                                        Top
ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය

අරමුණ :
මාර්ගෝපදේශකත්වය, සම්බන්ධීකරණය, සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම තුළින් ආබ‍ාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම,.වැඩි දියුණු කිරීම හ‍ා සුරක්ෂිතභාවය සහතික කිරීම.


ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය, වැඩි දියුණු කිරීම සහ සුරක්ෂිත කිරීම උදෙසා 1996 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත යට‍ෙත් පනවන ලද නිතී ක්‍රියාත්මක කිරීම.


                                                                        Top
කාන්තාවන් සඳහා රැකියා අවස්ථාවන් ඇතිකරලීම

අරමුණ :


මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ

  •  

     ත්‍රස්තවාදී ක්‍රියා, වාර්ගික යුධ  තත්වය, අපරාධ, හදිසි අනතුරු, සියදිවි නසාගැනීම් සහ එවැනි සිද්ධීන් නිසා තම සැමියාගේ අකල් වියෝවෙන් අසරණ තත්වයට පත් වූ කාන්තාවන් සඳහා ද,
  •  සැමියා විසින් තමාව අත්හැර යාම සහ ස්ථිර අසනීප හෝ ආබාධිත තත්වයන් නිසා සැමියාට රැකියාව කළ නොහැකි කාන්තාවන් සඳහා ද
  • යම්කිසි වයස් සීමාවක් ඉක්මවූ තමන්ගේ හා තම බාල දරුවන්ගේ ආර්ථිකය නගාලීමට කිසිම ආදායම් මාර්ගයක් නොමැති නීතිමය විවාහයකට ඇතුළත් නොවූ කාන්තාවන්ට පවුලේ දිවි පැවැත්ම සඳහා කුඩා ප්‍රමාණයේ ආදායම් උපයන රැකියා අවස්ථා ඇති කරලීම සඳහා ද වේ.


                                                                        Top
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අරමුණ :
දැනුවත් කිරීම, වැලැක්වීම, සූදානම් වීම, අවම කිරීම හා සම්බන්ධීකරණය තුළින් ස්වාභාවික ආපදාවන්ගෙන් මිනිස් ජීවිත, දේපල හා පරිසරය ආරක්ෂා කරගැනීම.


ආපදා කළමනාකරණය පිළබඳ වන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමෙන්, ආර්ථිකයට, සමාජය‍ට හා පරිසරයට ආපදා නිසා ඇති කරන අහිතකර බලපෑම් අවම කිරීම මගින් තිරසාර සංවර්ධනයට ඵලදායී දායකත්වයක් ලබා දීම.


                                                                        Top
ජාතික උපදේශන වැඩසටහන

අරමුණ :
මනෝ විද්‍යාත්මක ක්‍රමවේද මගින් පුද්ගල පෞරුෂ සංවර්ධනය, අසමතුලිත මානසික තත්වයන් වැළැක්වීම, ආයතන සම්බන්ධිකරණය, නායකත්වය දීම, දැනුවත් කිරීම, සහ උපදේශන අවශ්‍යතා සැපයීම මඟින් මානසික සෞණ්‍ය ඉහළ නංවා. සෑම පුරවැසියෙක්ම ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය‍ට දායක කරවීම අපගේ මෙහෙවර වේ.


මෙම අංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ 2004.10.31 දින දක්වා ක්‍රියාත්මක වැඩසටහන් සහ ප්‍රගතිය

(1) පහත සඳහන් පරිදි සිත්සරණ උපදේශන මධ්‍යස්ථාන අළුතින් ඉදි කිරීම සඳහා ප්‍රතිපාදන

  • මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
  • මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

(2)  හෙ‍ාරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආශ්‍රිතව සිත්සරණ උපදේශන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවශ්‍ය ඉ‍‍ඩකඩ ලබා ගැනීම සඳහා ගොඩනැගිලි පිලිසකර කිරීමට මුදල් ප්‍රතිපාදන ලබා දීම හා වැඩ ආරම්භ කිරීම

(3) රත්මලාන, සීදුව, වරකාපොල හා හම්බන්තොට උපදේශන මධ්‍යස්ථානවල මහජන සේවා ආරම්භ කිරීම.

(4) සිත්සරණ උපදේශන වැඩසටහන යටතේ සේවය කරන උපදේශකවරුන්ගේ වෘත්තිය කුසලතා සංවර්ධනය සඳහා පුහුණු වැඩමුළුවක් පැවැත්වීම.

(5) මෙම අංශය යටතේ ක්‍රියාත්මක වන සිත්සරණ උපදේශන මධ්‍යස්ථාන 15 හි ප්‍රජාව සඳහා උපදේශන සේවා ලබා දීම.

(6) කලින් දිළිඳු සහන දෙපාර්තමේන්තුව යටතේ පැවති උපදේශන මධ්‍යස්ථාන සියල්ලම (68) අධීක්ෂණය කිරීම හා මෙහෙයවීම.

(7) උපදේශනය හා එහි ප්‍රතිලාභ පිළිබඳව සහ වෘත්තීය සහ පෞද්ගලික කුසලතා සංවර්ධනය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා ප්‍ර‍ජා නායකයින් දැනුවත් කිරීමේ වැඩමුළු 18 ක් දීප ව්‍යාප්තව පැවැත්වීම. ඒ සඳහා සහභාගී වූ සංඛ්‍යාව 2041 කි.

(8) පාසැල් සිසුන්ගේ මානසික ගැටළු හඳුනා ගැනීම, ඒවා වැළැක්වීම හා ඉගෙනුම් කුසලතා සංවර්ධනය අරමුණු කොටගෙන පාසැල් සිසුන් ගුරුවරුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමේ මනෝ විද්‍යාත්මක වැඩමුළු 13 ක් පැවැත්වීම. මේ සඳහා සහාභාගීත්වය

සිසුන් ගණන 3240
ගුරුවරුන් ගණන 268
දෙමව්පියන් ගණන 1372
 4880   

ඉහත වැඩසටහන සඳහා 2004 තුන් වන කාර්තුව අවසානය දක්වා වැය කර ඇති මුළු මුදල රු 5,69,415.00

(9) වෙනස් වෙන හා අනපේක්ෂිත ජීවන සන්සිද්ධි වලට මුහුණ දීමේදී අසමතුලිත මානසික තත්වයන් වැළැක්වීම., ැවම කිරීම හා පුද්ගල පෞරුෂ සංවර්ධනය සඳහා මනෝ විද්‍යාත්මක ක්‍රම වේදයන් යොදා ගනිම්න් දැනුවත් කිරීම. ආයතන සම්බන්ධීකරණය හා පුද්ගල, පවුල්, අධ්‍යාපන හා වෘත්තීය උපදේශන සේවා අවශ්‍යතා සැපයීම මගින් මානසික සෞඛ්‍ය සංවර්ධනයට දායකවීම හා එමගින් ප්‍රජ‍ාවගේ ජීවන ත්ත්වය නංවාලීම අපගේ මෙහෙවර වේ.

(10) අළුතින් ඉදි කරන ද අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය උපදේශන මධ්‍යස්ධානය ගරු අමාත්‍යතුම්යගේ ප්‍රධානත්වයෙන් 2004.10.02 දින විවෘත කරන ලදී. මේ අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් ප්‍රජා නායකයින් සහ විවිධ සමාජ සංවිධානවල නියෝජිතයන් 300 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන ලදී.

(11) ජාතික උපදේශන සේවා පනත් කෙටුම්පත සකස් කර මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමට සුදානම් කර ඇත.


                                                                        Top
ජාතික වැඩිහිටි මහ‍ලේකම් කාර්යාලය

අරමුණ :
වැඩිහිටියන්ගේ නිදහස, රැකවරණය, ආත්ම පරිපූර්ණත්වය, සහභාගීත්වය හා අභිමානය සහතික කිරීමත්, සමාජ සංවර්ධන කාර්යයන්හි වැඩිහිටියන්ගේසහභාගීත්වය උන්න්දු කරවීමත් හා දැනුවත් කිරීමේ වැඩ සටහන් තුලින් වැඩිහිටියන්ගේ අයිතිවාසිනම් රැකදීමත් අපගේ මෙහෙවර වේ.


  1. වැඩිහිටි අයිතීන් සුරැකීම.

  2. සීඝ්‍රයෙන් වර්ධනය වන වැඩිහිටි ජනගහනයේ අභියෝග පිළිබඳ මුළු මහත් සමාජයම දැනුවත් කිරීම.

  3. වැඩිහිටියන් සඳහ‍ා සුභසාධන සේවා සැපයීම.

  4. වැඩිහිටියන් සඳහ‍ා  සේවා සපයන සංවිධාන ලියාපදිංචි කිරීම

  5. සමීක්ෂණ පැවැත්වීම.


                                                                        Top
ජාතික සමාජ සංවර්ධන ආයතනය

අරමුණ :
සමාජ සංවර්ධන ප්‍රයත්නයන්හී නායනකත්වය සඳහා පුහුණු මිනිස් බලය සැපයීම සහ ජාතික සමාජ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා සහාය වීම.


සමාජ වැඩ සංවර්ධනය සහ සංවර්ධව අධ්‍යයනය සඳහා සැලසුම්, වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇමතිතුමාට උපදෙස් දීම.

  •  සමාජ වැඩ සහ සමාජ සංවර්ධන වැඩසටහන් පිළිබඳ උපාධි හා පශ්චාත් උපා‍ධි පාඨමාලා පැවැත්වීම.
  •  සමාජ සුබසාධන ක්‍රම සහ සමාජ සංවර්ධන වැඩසටහන් අධ්‍යයනය පැවැත්වීම සහ ප්‍රවර්ධනය
  •  සමාජ සුභසාධන පද්ධතියෙහි සේවක සේවිකාවන්ගේ වෘත්තීය සහ කළමනාකාරී නිපුණතාවය වර්ධනය කිරීම.
  •   රජයට සහ වෙනත් අනුමත සංවිධානයන්ට සමාජ වැඩ සහ සමාජ සංවර්ධන ‍ක්ෂේත්‍රයෙන් විශේෂිත සේවාවක් ලබා දීම.


                                                                        Top
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකමි කාර්යාලය

අරමුණ :
ප්‍රතිපත්ති සම්පාදන හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, 2004 අප්‍රේල් 28 දින දරණ අති විශේෂ ගැසට් සංවේදනය අනුව නැවතත් කාන්තා අභිවෘද්ධි හා සමාප සුබසාධන අමාත්‍යාංශය යටතට අයත් වේ. ජ‍ාතික සංවර්ධනයෙහිලා රාජ්‍ය නොවන සංවිධානවල‍ පහසුකම් සැපයීමේ හා ඒවා වැඩි දියුණු කිරීමේ අරමුණින් පිහිටුවන ලද ජාතික ලේකමි කාර්යාලයේ මෙහෙවර ප්‍රක‍ාශය වන්නේ “ රාජ්‍ය ප්‍රතිපත්තීන් තුළ රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයවීමෙන් ඔවුන් මේ රටේ ජ‍ාතික සංවර්ධනයේ හවුල් කරුවන් කරවීමයි.”


ඉහත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රා. නො. සං. ජාතික ලේකම් කාර්යාලය වෙත පැවරී ඇති කාර්ය භාරය පහත දැක්වේ.

1)      රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම.

(දැනට මෙම අංශය බත්තරමුල්ල. සෙත්සිරිපායේ පිහිටා ඇත)

2)      රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ කෙන්ද්‍රස්ථානය හා නිෂ්කාශන ම්‍ධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම.

3)      කිසියම් සුවිශේෂ ක්ෂේත්‍රයක නියැලීමට අවශ්‍ය පුද්ගලයෙකු හෝ කිසියම් සුවිශේෂ විශේෂඥතාවක් හා සම්පත් ඒජන්සියක් රාජ්‍ය නොවන සංවිධාන වලට යොමුකරවීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කිරීම.

4)      ආධාර දෙනු ලබන ආයතන වපට සාකච්ඡා සම්බන්ධතා පවන්වා ගෙන යෑමේ සුදුසු කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීම.

5)      ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල‍‍ට අවශ්‍ය තොරතුරු සැපයීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම.

6)      රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු අධීක්ෂණය.

7)      ර‍ාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සම්පත් පදනමක් ලෙසද සම්බන්ධීකරණ කාර්යයන් ඉටු කිරීම. 


                                                                        Top
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය

අරමුණ :
ස්වයං රැකියාවල සහ අවිධිමත් අංශයන්හී රැකියා වල නියුතු පුද්ගලයන් සඳහා ඔවුන්ගේ සමාජ අ‍ාර්ථික තත්වයන් නැංවීමට නායකත්වය සහ ආරම්භකයන් සැපයීම සහ ඒ තුලින් ඔවුන් සමාජ සංවර්ධනය කෙරේ දායක කර ගැනීම.


වැඩිහිටි ජනගහනය සඳහා සමාජ ආරක්ෂාව සැපයීම.

 

            අප ආයතනය 1996 අංක 17 දරණ සමාජ ආරක්ෂණ මණ්ඩලය පනත මගින් සහ 1999 අංක 33 දරණ සංශොධිත පනත මගින් පාලනය වේ.  අප ආයතනයේ මූලික පරමාර්ථය වනුයේ  ස්වයං රැකියාභීන්ට හා අවිධිමත් අංශයේ සේවාලාභිනට විශ්‍රිම වැටුප් ක්‍රමයක් ලබා දීමයි. හ් යටතේ මේ දක්වා දායකයින් 97, 250 බඳවා ගෙන ඇති අතර, මෙයින් ඔප්පු 45, 771 ක් සක්‍රිය මට්ටමේ පවතී. අක්‍රිය මට්ටමේ පවතින ඔප්පු 47, 000 වෙනුවෙන් මිලියන 15 එක් රැස් කර ගෙන ඇති අතර, තවත් මිලියන  84 ක් එකතු කලහොත් මොවුන්ද සක්‍රිය මට්ටමට වැටෙනු ඇත. සක්‍රිය දායකයින් 4500 න් මිලියන 75 ක් වාරික ලෙස එක් රැස් කර ගෙන ඇති අතර ඔවුන්ගන් අය කළ යුතුමුදල මිලියන 12 ලෙස දැක්විය හැක.  වාර්ෂිකව දායකයින් බඳවාගත් ආකාරය පහත සඳහන් වගුවෙන් පැහැදිලි වේ.


                                                                        Top
සමාජ සංවර්ධනය පිළීබඳ ජාතික කමිටුව

අරමුණ :


1995 වර්ෂයේ කෝපන්හේගන් නගරයේදී පැවැති සමාජ සංවර්ධනය පිළිබඳ ලෝක සම්මේලනයට සහභාගීවූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව එම සමුළුවේදී සම්මත කරගන්නා ලද යෝජනා ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින අතර කාන්තා අභිවෘද්ධි හා සමාජ සුභසාධන අමාත්‍යාංශයට එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ මූලික වගකීම පැවරී තිබේ. මේ අනුව ආසියානු ශාන්තිකර කලාපයේ (ESCAP) සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් පහත සඳහන් ‍සමබන්ධව විශේෂ ැවධානය යොමු කළ යුතු යැයි තීරණය කොට තිබේ.


                                                                        Top
සමාජ සේවා දෙපාර්තමේන්තුව

අරමුණ :
සමාජයේ අවාසි සහගත තත්වයන්ට හා පීඩනයන්ට පත් වූ ඡන කොටස් වලට සහන සැලසීම, පුනරුත්ථාපනය හා එවැනි තත්වයන්ට පත්වීම වැලැක්වීම තුලින් එම කොටස් සමාජ සංවර්ධනයට දායක කරවීම.


මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ

  • ත්‍රස්තවාදී ක්‍රියා, වාර්ගික යුධ  තත්වය, අපරාධ, හදිසි අනතුරු, සියදිවි නසාගැනීම් සහ එවැනි සිද්ධීන් නිසා තම සැමියාගේ අකල් වියෝවෙන් අසරණ තත්වයට පත් වූ කාන්තාවන් සඳහා ද,
  • සැමියා විසින් තමාව අත්හැර යාම සහ ස්ථිර අසනීප හෝ ආබාධිත තත්වයන් නිසා සැමියාට රැකියාව කළ නොහැකි කාන්තාවන් සඳහා ද
  • යම්කිසි වයස් සීමාවක් ඉක්මවූ තමන්ගේ හා තම බාල දරුවන්ගේ ආර්ථිකය නගාලීමට කිසිම ආදායම් මාර්ගයක් නොමැති නීතිමය විවාහයකට ඇතුළත් නොවූ කාන්තාවන්ට පවුලේ දිවි පැවැත්ම සඳහා කුඩා ප්‍රමාණයේ ආදායම් උපයන රැකියා අවස්ථා ඇති කරලීම සඳහා ද වේ.

                                                                        Top
සමාජ සේවා දෙපාර්තමේන්තුව

අරමුණ :
සමාජයේ අවාසි සහගත තත්වයන්ට හා පීඩනයන්ට පත් වූ ඡන කොටස් වලට සහන සැලසීම, පුනරුත්ථාපනය හා එවැනි තත්වයන්ට පත්වීම වැලැක්වීම තුලින් එම කොටස් සමාජ සංවර්ධනයට දායක කරවීම.


1. කල්තියා මැදිහත් වීම තුලින් ආබාධ සහිත කුඩා දරුවන්ගේ හැකියාවන් ඉහල නැංවීම. 2. ආබාධ සහිත පුද්ගලයන්ගේ වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීම හා රැකියා ස්ථාපනය. 3. මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවූවන් පුනරුත්ථාපන හා ඔවුන් සමාජානුගත කරවීම. 4. ආපදාවන්ට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම. 5. දැනුවත් කිරීමේ හා ප්‍රගුණ කිරීමේ වැඩ සටහන් තුලින් කාර්ය මණ්ඩලය දැනුම ඉහළ නැංවීම.
                                                                        Top
සිසුනැණ පුබුදුව වැඩසටහන

අරමුණ :


අධ්‍යාපනික පහසුකම් ඉතා අඩු මට්ටමක පවතින ඉතාමත් දිළිඳු දුෂ්කර ගම්මානවල ජීවත්වන ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉතාමත් අඩු මට්ටමක පවතින බව හෙළි වී ඇත.

 

මෙම තත්වය යම් ප්‍රමාණයකට මඟහැරීම පිණිස මෙම වැඩසටහන හඳ්‍රන්වාදී ඇති අතර ලංකාවේ සියළු ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීම සඳහා සමාජ සුබසාධන අමාත්‍යාංශය පියවරගෙන ඇත.

දරුවන් අවබෝධයෙන් කියවීම ප්‍රගුණ කොට එමගින් ඔවුන්ගේ නුවණ වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

 

ඉහත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ළමුන්ටම විශේෂිත වු පොත්පත් හා උපකරණ වලින් සමන්විත දැනුම වැඩුම මෙවලම නමැති උපකරණයක් උපයෝගී කර ගැනීම මෙම වැඩසටහනේ සුවිශේෂ ලක්ෂණයයි.


                                                                        Top