සමාජ හා සමාජ සුභසාධන අමාත්‍යාංශයේ වෙබ් පිටුව අන්තර්ජාලගත වීම පෙබරවාරී 08 වන දින සිදුවේ.

 

 

 



 

ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා

සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා 2005 නොවැම්බර් මසදී සිය අමාත්‍යාංශයේ වැඩභාර ගන්නා ලදී.  ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා 1957 වර්ෂයේදී යාපනයේ උපත ලද අතර, වැඩිදුර අධ්‍යාපනය සහා කොළඔට පැමිණෙන තුරු යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.  අනතුරුව එතුමා ක්‍රියාකාරී සමාජිකයෙක් වශයෙන් ඊලාම් නිදහස් සංවිධානයට එක්විය.  ඉන්පසුව එතුමා යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට අවතීර්ණ වූ අතර. ප්‍රථම වරට 1994 වර්ෂයේදී පාර්ලිමේන්තුවට තේරී පත්විය.  මේ දක්වා එතුමා අඛණ්ඩව යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ රැදී සිටියි.  2000 වර්ෂයේදී එතුමා අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිගේ නායකත්වයෙන් යුක්ත පොදුජන එක්සත් පෙරමුණු රජයේ උතුරු නැගෙනහිර සංවර්ධන පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ හා දමිළ කටයුතු අමාත්‍ය තුමා වශයෙන් තේරීපත් විය. පසුව එතුමා කෘෂිකර්ම, අලෙවි සංවර්ධන, සමූපකාර සංවර්ධන, හින්දු කටයුතු සහ 2004 වර්ෂයේදී අධ්‍යාපන සහ වෘත්තිය පුහුණු අමාත්‍ය වශයෙන් කටයුතු කරන ලදී.

වර්තමානයේ දී ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා‍‍ගේ ජනාධිපතිත්වයෙන් යුක්ත රජයේ සමාජ සේව‍ා හා සමාජ සුභසාධන අමාත්‍යතුමා වේ.

 

   
 

ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන අමාත්‍ය සහ සමාජ සේවා සහ සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ජගත් පුෂ්ප කුමාර මැතිතුමා මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කර ඇත.

අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ පාලන කාලය තුළ එතුමා පශු සම්පත් සංවර්ධන හා වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය, සමෘද්ධි සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය යන තනතුරු රැසක් දැරීය.