සමාජ හා සමාජ සුභසාධන අමාත්‍යාංශයේ වෙබ් පිටුව අන්තර්ජාලගත වීම පෙබරවාරී 08 වන දින සිදුවේ.

 

 

   
 
 

සමස්ථ ප්‍රගතිය

සමාජ සේවා හා සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් 2005 වර්ෂයේ අවසාන මාස 06 තුළ පහත ප්‍රගතීන් පෙන්වා ඇත.

2005 වර්ෂයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව පහත සහන් ක්ෂේත්‍රයන් සහා තම සේවාවන් ඉටුකර ඇත. ඒ යටතේ ආබාධ සහති දරුවන් 114 ක් ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානවලට යොමුකර ඇති අතර. ශ්‍රව්‍යාබාධිත හා මන්ද මානසික දරුවන් වෙනුවෙන් පෙර පාසැල් පවත්වාගෙන යනු ලබන ආයතන 5ක ගුරුවරුන් 14 දෙනෙක් සහා දිරි  දීමනා වශයෙන් රු: 311,000 /= ක මුල්‍යාධාර ලබාදී ඇත. ආබාධ සහිත තරුණ තරුණියන් 11ක් සහා මුල්‍යාධාර සපයන ලද අතර, පුහුණුව අවසන් කළ  තරුණ                                                      තරුණියන් 156 දෙනෙකු සහා රු. 10,000 /= ක් වටිනා වෘත්තිය මෙවලම් කට්ටල ලබාදෙන ලදී. එමෙන්ම, ආබාධ සහිතවූවන් 39 දෙනෙතු සහා රු. 277,000/= ක මුදලක් කෘතිම අත් පා ලබාදීමට වියදම් කර ඇත.  ඊට අමතරව ශ්‍රව්‍යාබාධිතයන් 71 දෙනෙකු සහා විශේෂ හැදුනුම්පත් නිකුත් කරන ලදී.  විශේෂයෙන්ම මේ යටතේ සක්‍රීය රාජකාරියේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වපටත් ආබාධ සහිත වූ රණවිරුවන්ටත් විශ්‍රාම වැටුප් ගෙවීම සහා රු. මිලියන 3542 ක් පුද්ගලයින් 22746 ක් සහා ප්‍රතිලාභ වශයෙන් ‍බෙදා දෙන ලදී.

සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මත්ද්‍රව්‍යලෝලීන් හා ඉන් මිදුන අය සහා දිවා මධ්‍යස්ථානයක් හා නේවාසික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ලද අතර, ඊට අමතරව උපදේශ‍න, වෘත්තිය පුහුණු වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී.  මේ සහා රු. 278, 000 /= ක මුදලක් වැය කරන ලදී. ඊට අමතරව ආපදා සහන සැලසීම යටතේ නියයෙන්, ගංවතුරෙන්, සුළි සුළං වලින් හා සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන් සහා මූල්‍යාධාර මෙන්ම භෞතික ආධාර ද සපයන ලදී.

සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ස්වයං රැකියාවල නියක්තවූවන් හා අවිධිමත් අඅංශයේ රැකියාවල නියුක්තවූවන් සහා ස්ථාපිතකළ විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ 2,217 දෙනෙකු විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබයි. ජාතික සමාජ සංවර්ධන ආයතනය විසින් ඩිප්ලෝමා පාඨමාලාවන් මෙන්ම පුහුණු පාඨමාලාවන් පවත්වා ඇත. ඒ යටතේ සමාජ වැඩ පිළිබ දෑ අවුරුදු පාඨමාලාව සහා 2005 / 10/ 23 දින සිට අයදුම්පත් කැදවන ලදී.

ජාතික වැඩිහිට ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි සුභ සාධනය සහා ක්‍රියාත්මක කළ වැඩසටහන් යටතේ ග්‍රාමීය වැඩිහිටි කමිටු ඇති කිරීම, වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම, වැඩිහිටි කැපකරු ක්‍රමය ඇති කිරීම හා ග්‍රාමීය මට්ටමේ වැඩිහිටි කමිටු 550 ක් ඇති කිරීම පෙන්වාදිය හැකිය. පසුගිය වසරේ වැඩිහිටි ලේකම් කාර්යාලයේ විශේෂ වැඩසටහන් ලෙස ජාත්‍යන්තර වැඩිහිටි සිනය සැමරීම, වැඩිහිටි තැනැත්තා සහා වූ ප්‍රඥප්තයක් සකස් කිරීම පෙන්වාදිය හැකිය.

ආබාධ සහිත තැනැත්තන් සහා වූ ජාතික ලේකම් කාර්යාලය මගින් 2005 වර්ෂය තුළ දී ජංගම සේවාවන් 26ක් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සහා පුද්ගලයින් 18, 499  දෙනෙක් සහා ආදාර උපකරණ ලබාදෙන ලදී. ඒ සහා රු. මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් වැය කරන ලදී.

ඊට අමතරව පුස්ගලයින් 143 දෙනෙකුට ස්වයං රැකියා ආධාර වැඩසටහන යටතේ රුපියල් මිලියන එක හමාරකට වැඩි මුදලක් ලබාදී ඇත. වෛද්‍ය ආධාර සහා පුද්ගලයින් 186 දෙනෙකුට රුපියල් මිලියන තුන හමාරකට වැඩි මුදලක් වැය කර තිබේ. ආබාධ සහිත පුද්ගලයන් සහා වන ප්‍රජා මූලික පුනරුත්ථාපන ජාතික වැඩසටහන මගින් ද එය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක 22 ක් තුළ ආබාධ සහිත පුද්ගලයින් 166, 900 ක් හදුනාගෙන ඇත. කාන්තාවන් සහා රැකියා අවස්ථාවන් ඇති කරලීමේ වැඩසටහන මගින් දිස්ත්‍රික් 25ක් තුළ 356 දෙනෙක් සහා ප්‍රතිලාභ ලබාදී ඇත. ඊට අමතරව ඇදුම් මැසීම පුහුණු කිරීමේ මධ්‍යස්ථාන 7ක් ද ආරම්භ කර ඇත.

ජාතික උපදේශන සේවා වැඩසටහන් මගින් උපදේශන මධ්‍යස්ථාන ඉදිකිරීම්, උපාදේශන සායන, උපදේශකවරුන්ගේ පුහුණු හා වෘත්තිය වැඩමුළු මෙන්ම උපදේශන මධ්‍යස්ථානවලට උපකරණ සැපයීමේ කටයුතු ද ඉටුකර ඇත.