සමාජ සේවා හා සමාජ අමාත්‍යාංශයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ ජාත්‍යන්තර ආබාධිත දිනය 2005 / 12 /03 වන දින කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී චාම් හා වර්ණවත්ව පැවැත්විණී.
“ආබාධිත අපිත් රටේ සංවර්ධනයට ” යන්න මෙවර තේමාව කොටගත් අතර, නව ජනාධිපතිතුමන් පත්වී නව අමාත්‍යවරයෙකු යටතේ පැවති පළමු සැමරුම් දිනය නිසාම, උළෙලේ නවතාවයන් දක්නට ලැබුණි. ආබාධ සහිත පුද්ගලයින්ගේ නිර්මාණාත්මක හැකියාවන් වලට වැඩි ඉඩකඩක් වෙන්ව තිබූ මෙම ජාතික උළලට දිවයිනේ සියළු ප්‍රදේශ නියෝජනය කරමින් ආබාධිත පුද්ගලයින් පැමිණි සිටි අතර, ඔවුන්ගේ විශේෂ හැකියාවන් දවස පුරාම දක්නට ලැබුණි. ජාතික මට්ටමින් හා විවිධ අංශ වලින් දක්ෂතා පෙන්වූ ආබාධ සහිත පුද්ගලයන් අගය කිරීම මෙහි මූලික අරමූණක් ද විය.
කෝසල දුහුල්ලෑව දරුවාගේ රංගනයෙන් පැමිණි සිටි සැමගේ සිත් පහන් වූ බවක් පෙණුන අතර, අඟුනකොලපැලැස්ස කෘෂිකාර්මික වෘත්තීය පුහුණු පාසැලේ ශිෂ්‍ය ශීෂ්‍යාවන් ද, අන්ධ ජන සේවා මණ්ඩලය ද, තිහාරිය ඉස්ලාම් ආබාධිත සංගමය ද, බිහිරි ගුරු සම්මේලනය ද, සීදුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ද තම නිර්මාණාත්මක හැකියාවක් විදහා දැක්වීය.
කලාශුරී සෝමාවීර සේනානායක මහතා විසින් ආබාධිත පුද්ගලයා, කලාව, ජනමාධ්‍ය හා සමාජය සම්බන්ධ කරමින්, විචිත්‍ර දේශනයක් සිදුකළ අතර, සමාජයේ ආබාධිත පුද්ගලයාට ඇති පිලිගැනීම හා අවස්ථා උදාවීම ප්‍රමාණවත් නොවන බව අවධාරණය කරන ලදි. ඉතිහාසය ආරම්භයේ සිටම කලාකරුවා විසින්, ආබාධිත පුද්ගලයා සමාජයේම කොටසක් බව පෙන්වා දීමටගත් උත්සහයක් උදාහරණ සහිතව ඔහු විසින් පෙන්වා දෙන ලදී.
ආබාධ සහිත තැන්ත්තන් සඳහා වූ ජාතික සභාව මෙම උළෙලේ මූලික සංවිධාන කටයුතු සිදුකළ අතර, ආබාධ සහි. තැනැත්තන් සඳහා වු ජාතික මහ ලේකම් කාර්යාලය උළෙල සංවිධානය කරන ලදී. මෙහිදී සිදුවූ තවත් සුවිශේෂ කටයුත්තක් වන්නේ ආබාධිත පුද්ගලයන් සදහාම වෙන්වූ පුවත්පතක් වන “ දහිරිය ” මංගල කලාපය සමාජ සේවා හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා අතට භාරදීමයි. එම පුවත්පත් තෛයිමාසිකව ඵල කරන අතර, සියළු නිර්මාණ හා ලිපි ආබාධිත පුද්ගලයන්ගේ හෝ ඔවුන් ගැන ලියවුණු ඒවා වේ.
නියෝජ්‍ය ඇමතිතුමාට අමතරව අමාත්‍යාංශයේ ලේකම් වී. ජෙගරාසසිංගම් මහත්මිය, හිටපු ලේකම් අ.නි.ර. අමරතුංග මහතා ගරු අමාත්‍යතුමාෙග් උපදේශිකා මහේෂ්වරී වේලායුදන් මිය, අතිරේක ෙල්කම් ඩබ්. එච්. ඩබ්. සොයිසා මහතා, අධ්‍යක්ෂිකා නීලා ගුණසේකර මිය ඇතුළු අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන් උළෙලට සහභාගී වුහ. තවද ජාතික සභාවේ සියළුම සාමාජිකයින් සහ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම උළෙලට සහභාගී වී සිටියහ.
Top |