Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන ගරු අමාත්‍යතුමාගේ පණිවිඩය

ගරු සමාජ සේවා අමාත්‍යතුමාගේ පණිවුඩය

මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි සනිටුහන් කර ඇත පරිදි සමාජ සේවා අමාත්‍යාංශය 9.6% වන වැඩිහිටි  ප්‍රජාවටත්, ජනගහනයෙන් 10% වන ආබාධ සහිත තැනැත්තන්ට සහ 23% ක් වන තනි මාපිය පවුල් සඳහාත් සිය සේවා දායකත්වය සපයයි.

සමාජ සේවා විෂය භාර අමාත්‍ය වශයෙන් මගේ දැක්ම වන්නේ මහින්ද චින්තන වැඩපිළිවෙල වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාවට නංවමින් ඉහත කී පාර්ශවයන්ගේ අභිමානය හා ගෞරවය රැකදෙමින් සමානාත්මතාවය ගොඩනැංවීමයි.

සමාජ සේවා දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ලේකම් කාර්යාලය වැනි අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන රැසක සේවාවන් ඉහත ප්‍රතිලාභීන් කරා යොමු වේ. අපගේ ජාතික උපදේශන අංශය සහ ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන හරහා ද මෙම අවාසි සහගත ප්‍රජාවන්ට සේවා සැපයේ.

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමත් උපාධී පාඨමාලාවන් වඩාත් ප්‍රමිති සහගත කිරීමත් මෑතකදී සමාජ සේවා අමාත්‍යාංශය මගින් සිදු කරන ලදී.

මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව යමින් මගේ අමාත්‍යාංශය සමාජයේ අවාසි සහගත කණ්ඩායම් වෙනුවෙන් වැදගත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත. ආබාධ සහිත පවුල් සඳහා ගෙවනු ලබන රු. 3,000/- දීමනාව ආබාධ සහිත පවුල් රැසකට ඉමහත් ප්‍රතිලාභ සපයන්නකි. ආධාරක උපකරණ සැපයීම, ආබාධ සහිත තැනැත්තන් සඳහා වු නිවාස සහනාධාර, වෛද්‍යාධාර අනෙකුත් සේවා අතර ප්‍රමුඛ වේ.

වැඩිහිටියන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම, ග්‍රාමීය මට්ටමේ වැඩිහිටි කමිටු සඳහා මූල්‍යප්‍රදාන, වෛද්‍යධාර ලබා දීම සහ පවුල් ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම වැඩිහිටි පුජාවගේ ප්‍රතිලාභය උදෙසා දියත් කළ වැඩසටහන් අතරින් කිහිපයකි.

ICTA දායකත්වයෙන් සමාජ සේවා අමාත්‍යාංශය සිය නව වෙබ් අඩවිය විවෘත කිරීමත් සමග ශ්‍රී ලාංකේය ප්‍රජාවට තොරතුරු තාක්ෂණය හරහා විශේෂයෙන්ම ආබාධ සහිත තැනැත්තන්ට අදාල වන්නා වූ තොරතුරු ලබා දෙමින් අයිතිවාසිකම් මූලික කරගත් බාධක රහිත සමාජයක් යන තේමාව යටතේ වඩාත් ඵලදායී සේවා ලබාදෙනු ඇත.

මගේ අමාත්‍යාංශය හරහා සියලුම සේවාවන් ආශ්‍රිත තොරතුරු ලබාදීම තුළින් අවාසි සහගත ප්‍රජාවට ඉමහත් ප්‍රතිලාභ සැලසෙන අතර ඔවුන් ජාතික සංවර්ධන ක්‍රියාවලියෙහි කොටස්කරුවන් කිරීමෙහි ලා මනා පිටිවහලක් සැපයේ.

ගරු ෆීලික්ස් පෙරේරා මැතිතුමා
සමාජ සේවා අමාත්‍යාංශය
ශ්‍රී ලංකා

අවසන් යාවත්කාලීන කිරීම 2011 දෙසැම්බර් 28 වෙනි බදාදා, 00:47  

කතුහිමිකම © 2013 සමාජ සේවා අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Social News