Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පණිවිඩය

ගරු සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පණිවුඩය

සමාජයේ අවාසි සහගත තත්වයන් සහිත ජනතාව වෙනුවෙන් හිතකාමී පරිසරයක් උදාකර දී ඒ අයද ජාතික සංවර්ධනයේ කොටස්කරුවන් කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන සමාජ සේවය ක්‍රියාත්මක වේ.

දිනෙන් දින වැඩිවන වැඩිහිටි ජනගහනය අනුව ඔවුන්ගේ ජීවන තත්වයන් නගා සිටුවීමේ කාර්යයත් ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව සොයා බලමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, සමාජයේ අඩු වරප්‍රසාදලාභී කොටස් සඳහා සමාජ ආරක්ෂාව හා ආරක්ෂිතභාවය ලබා දීමත් සමාජ සේවා අමාත්‍යාංශයේ අරමුණු අතර ප්‍රධාන තැනක් ගනී.

තොරතුරු සන්නිවේදන තාක්ෂණය දියුණුවීමත් සමග ජනතාවට අවශ්‍ය තොරතුරු දැන ගැනීමේ කඩිනම් ක්‍රමවේදයක් රජය විසින් හඳුන්වාදීම නිසා, සේවා අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම වඩාත් පහසු විය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා සමාජ සේවා අමාත්‍ය ගරු ෆීලික්ස් පෙරේරා මැතිතුමාගේ මඟ පෙන්වීම අනුව සමාජ සේවා කටයුතු රාශියක් ආරම්භ කර තිබේ.

එම සමාජ සේවා තොරතුරු කඩිනමින් ලබා දීමේ අභිලාශයෙන් සමාජ සේවා අමාත්‍යාංශය, නව වෙබ් අඩවියක් ආරම්භ කිරීමෙන් කාලීන අවශ්‍යතාවයන් ඉටු කර තිබීම සතුටට කරුණකි.

ගරු චන්ද්‍රසිරි සුරියආරච්චි මැතිතුමා
සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍යතුමා

අවසන් යාවත්කාලීන කිරීම 2011 දෙසැම්බර් 28 වෙනි බදාදා, 01:02  

කතුහිමිකම © 2013 සමාජ සේවා අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Social News