මෙහෙවර
"වැඩිහිටියන්ගේ නිදහස,රැකවරණය, ආත්ම පරිපූරණත්වය, සහභාගීත්වය හා අභිමානය සහතික කිරීමත්, සමාජ ස්වර්ධන කාර්යයන්හි වැඩිහිටියන්ගේ සහභාගීත්වය උනන්දු කරවීමත් හා දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් රැකදීමත් අපගේ මෙහෙවර වේ."
අරමුණු
- වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.
- වැඩිහිටි තැනැත්තන් මුහුණ දෙන ගැටළු හඳුනා ගැනීම, ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම.
- වැඩිහිටි තැනැත්තන්ගේ දැනුම, හැකියාව සහ අත්දැකීම් විවිධ වැඩසටහන් තුලින් නැවත සමාජ සංවර්ධනයට දායක කර ගැනීම.
- යහපත් වැඩිහිටි දිවියත් සඳහා එළඹෙන වැඩිහිටියන් දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- අඩු ආදායම්ලාභී වැඩිහිටි තැනැත්තන් සඳහා විවිධ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- වැඩිහිටියන් සම්බන්ධ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම.
කාර්යයන්
2000 අංක 09 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ වැඩිහිටියන් පිළිබඳ ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය පිහිටුවා ඇත. දකුණු ආසියාතික රටවල් අතුරින් ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන වැඩිහිටියන් සංඛ්‍යාවක් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකේ. ඒ අනුව ඉදිරියේ දී වැඩිවන වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, සුභසාධන පහසුකම් තව දුරටත් තහවුරු කිරීමත් අරමුණු කොට මෙම ලේකම් කාර්යාලය කටයුතු කරයි.
සතුටින් පිරී නිරෝගිමත් වැඩිහිටි දිවියක්
ලෝකයේ වැඩිහිටි ජනගහණය සීඝ්‍රයෙන් වර්ධනය වීමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ද වැඩිහිටි ජනගහනය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වේ. 2000 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණය 9.3% ක් වූ අතර, 2050 වනවිට එය 27.6% ක් වන බවට ගණන් බලා ඇත. වැඩිහිටියන් සතු සමාජ අත්දැකීම් සමුදාය අති මහත්ය. එය රටේ තරුණ පරපුර සමග හුවමාරු කර ගනිමින් ඔවුන් ද, බලගන්වමින් රටේ යහපැවැත්ම මෙන්ම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ද දායක වීමට හැකි ශක්තිමත් වැඩ පිළිවෙලක් ගොනැගීම අපගේ අරමුණයි. වැඩිහිටියා සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමේ අරමුණෙන් ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ව්‍යාප්ත වූ වැඩිහිටි සංවිධාන ව්‍යූහයක් මේ වනවිට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ මූලිකත්වය ඇතිව ගොඩනගා ඇත. වැඩිහිටි බව හුදකලා බවින් මුදවා ක්‍රියාකාරී ප්‍රායෝගික ශක්තියක් බවට පත්කිරීම ස්වර්ධන කාර්යයට මහත් රුකුලක් වනවා සේම, ජාත්‍යාන්තර මූලධර්ම වපට අනුකූලව නිදහස, සහභාගීත්වය, රැකවරණය, ආත්ම පරිපූර්ණත්වය හා ගරුත්වය ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද උදා කිරීම අපගේ අරමුණයි.
මෙයට අමතරව වැඩිහිටියන්ගේ පුළුල් සහභාගීත්වයක් උදෙසා ජාත්‍යන්තර වැඩිහිටි දින උත්සවය පළාත් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් ද පවත්වන ලදී. මෙහිදී වැඩිහිටි සැමරුම් උත්සව ප්‍රාදේශීය මට්ටමින් 52 ක් පවත්වනු ලැබිණ.





