දැක්ම
"සමාජ වැඩ අධ්‍යාපනයේ, පුහුණු කටයුතු වල හා පර්යේෂණ වල දේශීය හා ජාත්‍යන්තර ලෙස විශිෂ්ඨ මධ්‍යස්ථානයක් බවට පත්වීම."
මෙහෙවර
"ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය හා සමාජ සුභසාධනය සඳහා සියළුම මට්ටම්වල දී අවශ්‍ය සමාජ වැඩ පිළිබඳ කුසලතා පූර්ණ මිනිස් බල අවශ්‍යතා සපුරා ගැනීම සමාජ වැඩ පිළිබඳ අවශ්‍ය දැනුම හා තාක්ෂණයන් යොදා ගනිමින් සමාජයට සුවිශේෂී සේවයක් සැපයීම."
පෙරවදන
මෙම ආයතනය සමාජ සේවා අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර, ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධන හා සමාජ සුභසාධන කාර්යයේ අවශ්‍යතාවයක් වන වෘත්තීය සමාජ වැඩකරුවන් බිහි කිරීමට අවශ්‍ය සමාජ වැඩ අධ්‍යාපනය ලබා දෙන පුරෝගාමී ආයතනයයි. 1992 අංක 41 දරණ ආයතනික පනතින් ජාතික සමාජ සංවර්ධන ආයතනය ස්ථාපනය කරන ලදී. ඊට අමතරව 1978 අංක 16 විශ්ව විද්‍යාල පනතේ 25 කොටස යටතේ උපාධි පිරිනමන ආයතනයක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගනු ලබන උසස් අධ්‍යාපන ආයතනයකි.
2005 වසරේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ මත ජාතික සමාජ සංවර්ධන ආයතනය උපාධී පිරිනමන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පිළිගනු ලැබූ අතර ඉන්පසු සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය පිරිනැමීම ඇරඹුනි. 2008 වසරේදී මෙම ආයතනය වෙතින් සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය පවත්වාගෙන යාම සඳහා විශේෂ ගැසට් පත්‍රයක් මගින් අනුමැතිය ලබා දී ඇත.





