අරමුණු
- ත්‍රස්තවාදී ක්‍රියා, වාර්ගික යුධ තත්ත්වය, අපරාධ, හදිසි අනතුරු, සියදිවි නසා ගැනීම් සහ එවැනි සිද්ධීන් නිසා තම සැමියාගේ අකල් වියෝවෙන් අසරණ තත්ත්වයන්ට පත්වූ කාන්තාවන් සඳහා ද,
- සැමියා විසින් තමාව අතහැර යාම සහ ස්ථිර අසනීප හෝ ආබාධිත තත්ත්වයන් නිසා සැමියාට රැකියාව කල නොහැකි කාන්තාවන් සඳහා ද,
- යම්කිසි වයස් සීමාවක් ඉක්ම වූ තමන්ගේ හා තම බාල දරුවන්ගේ ආර්ථිකය නගාලීමට කිසිම ආදායම් මාර්ගයක් නොමැති නීතිමය විවාහයකට ඇතුළත් නොවූ කාන්තාවන්ට පවුලේ දිවි පැවැත්ම සඳහා කුඩා ප්‍රමාණයේ ආදායම් උපයන රැකියා අවස්ථා ඇති කරලීම ද වේ.
- බන්ධනාගාර ගත වූ රැඳවියන්ගේ පවුල් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා උත්පාදනය කිරීම.
- තනිමාපිය පවුල් කණ්ඩායම් වශයෙන් ක්‍රියාවට නංවන ස්වයං රැකියා ව්‍යාපෘති සඳහා මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීම.
මිනිසා සහ ස්වභාව ධර්මයා විසින් කරනු ලබන ආපදාවන් නිසා අසරණභාවයට පත්වන්නන් අතර, කාන්තාවන් හා ළමුන් සුවිශේෂය. මෙම අසරණභාවය නිසාම දරුවන්ට නිසි අධ්‍යාපනයක් හා නිසි පෝෂණයක් ද, ලබා දීමට නොහැකි වී ඇත. මෙම තත්ත්වයට පිළීයම් වශයෙන් ඔවුන් සඳහා කුඩා ප්‍රමාණයේ ආදායම් උත්පාදන ක්‍රම හඳුන්වා දෙනු ලැබේ. ඇඳුම් මැසීම පිළිබඳ පුහුණුව ඇති අය සඳහා මහන මැෂින් ලබාදෙන අතර, අනෙකුත් අය සඳහා ඒ ඒ පරිසරයට ගැලපෙන ආකාරයේ කුඩා ස්වයංරැකියා කරගෙන යාම සඳහා ආධාර ලබාදෙයි.





