Tamil (Sri Lanka)English (United Kingdom)

ඔබ මෙතනයි:  මුල් පිටුව පුවත් හා සිදුවීම් ඉදිරි වැඩසටහන් සමාජ සත්කාරක සංකල්පය පිළිබඳ වැඩමුළුවක්

සමාජ සත්කාරක සංකල්පය පිළිබඳ වැඩමුළුවක්

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, වැලිමඩ, ඇල්ල සහ ලුණුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සඳහා සමාජ සත්කාරක සංකල්පය හඳුන්වාදීමේ වැඩමුළුවක් ජුනි මස 17 හා 18 යන දෙදින බදුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මේ සඳහා ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ක්ෂේත්‍ර නිලධාරීන් 30 සහභාගී වූ අතර සමාජ සත්කාරය යටතේ ක්‍රියාත්මක නව සේවා බෙදාහැරීමේ ක්‍රමවේදය මෙන්ම මැදිහත්වීම පිළිබඳ නව ක්‍රමවේදයන් ද හඳුන්වා දෙනු ලැබීය. සහභාගී වූවන් සඳහා වඩාත් පුළුල් අවබෝධයක් ලැබෙන ආකාරයෙන් දේශන වලට අමතරව, කණ්ඩායම් සාකච්ඡා, සංවාදමය වැඩසටහන් ද පැවැත්වීම මෙහි විශේෂත්වයක් විය.

 

කතුහිමිකම © 2013 සමාජ සේවා අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Social News